BitCoin වලින් සල්ලි හොයමු


අද මම ඔයාලට කියන්න යන්නෙ E-money හොයාගන්න විදිහක් ගැන. එහෙම කිව්වට ඉතින් මේකෙන් එකපාර දහස් ගාණක් හොයන්න බලාපොරොත්තු වෙනවනම් මේක කරන්න එපා කියලයි කියන්න වෙන්නේ. මොකද මේකෙන් සල්ලි හොයන්න නම් අනිවාරෙන්ම උත්සහය කැපවීම ඕනෙ, ඒ වගේම විශේෂයෙන්ම ඉවසීම හොඳට ඕනෙ. Bitcoin වලින් සල්ලි හොයනව කියන්නෙ මේ වෙනකොට ලෝකෙ ගොඩක් ජනප්‍රිය දෙයක්.
මේ පාඩම මම අරගෙන එන්න හිතුවේ තාම ගොඩාක් අය මේක ගැන එච්චර අවබෝදයක් නැති නිසා.

මොනවද මේ BitCoin කියන්නෙ?

බිට්කොයින් කියන්න ඩිජිටල් මුදල් වර්ගයක්, ඒ කිව්වෙ මේක රජයක් විසින් නිකුත් කරන මුදල් වර්ගයක් නෙමේ. මේකෙදි නෝට්ටු කාසි දකින්න ලැබෙන්නෙ නෑ. අපිට තියෙන්නෙ හම්බෙන බිට්කොයින් වෙන මුදල් වර්ගයකට පරිවර්තනය කරගන්න. මම මේකෙන් කියල දෙන්නෙ Bitcoin Mining වලින් සල්ලි හොයන ක්‍රමේ නම් නෙමේ සරල ක්‍රම වලින් බිට් කොයින් හොයන හැටි.

බිට්කොයින් එකක් කීයක් විතර වෙනවද?

බිට්කොයින් එකක් මම මේ බලන මොහොත වෙනකොට $14769.43 (LKR නම් 22,62,603.59) ක් වෙනවා. නමුත් මේ ගාන දවසින් දවස වෙනස් වෙනවා. හැබැයි අපි මේ සල්ලි හොයන ක්‍රමේදී අපිට හම්බෙන්නෙ sbtc නැත්නම් බිට්කොයින් සත ගනන් වලින්(සතොශි කියන්නෙ මේවට)

Bitcoin වලින් ගනුදෙනු කරන්න පුලුවන්ද?

ඔව් හැබැයි ලංකාවෙනම් බෑ. සමහර රටවල් වල බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන් කඩ සාප්පු තියනවා. ඒවගේම ඔයාලට අන්තර්ජාලය හරහා බිට්කොයින් වලි විවිධ ගනුදෙනු කරන්න පුලුවන්. Namecheap වගේ ප්‍රසිද්ධ Domain Name මිලට ගන්න පුලුවන් වෙබ් අඩවිත් බිට් කොයින් වලින් ගනුදෙනු කරනවා. තව Hostinget වැනි Hosting ආයතනත් Bitcoin පාවිච්චි කරනව.

Bitcoin වල වාසි මොනවද?

  • බිට් කොයින් වලින් අපිට ඕනෙම ගානක් ගෙවන්න පුලුවන්.බැංකු නිවාඩු දවස් මොනවත් අදාල වෙන්නෙ නෑ ඒ වගේම බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න කිසිම ලිමිට් එකකුත් නෑ.

  • අනික ආරක්ශිතයි,මොකද ඉතින් පේන්න එක කාසියක්වත් නෑනෙ!

  • අනික බිට් කොයින් වලින් ගනුදෙනු කරනකොට ඒවෙනුවෙන් කිසිම අමතර මුදලක් ගෙවන්න වෙන්නෙ නෑ












Bitcoin ගිණුමක් සදා ගන්නා ආකාරය


coinbase.com ගිණුමක් හදලා BitCoin හොයන්න පටන් ගන්න විදිහ…

මොකක්ද මේ coinbase.com කියන්නෙ?

coinbase.com කියන්නෙ වෙබ් පසුම්බියක්. හරියට අපි පාවිච්චි කරන මුදල් පසුම්බියක් (wallet) වගේ. තව විදිහකට කියනවනම් Paypal/Payza වගේ Online Bank Account එකක් අපි හැම තැනින්ම හොයන බිට්කොයින් එකතු වෙන්නෙ එතනට.එතනින් අපිට Bitcoin වලින් ගණුදෙනු කරන්න පුලුවන්.

එහෙනම් අපි coinbase වල ගිණුමක් හදමු

  1. මුලින්ම www.coinbase.com යන්න.එතකොට මෙන්න මෙහෙම එයි.

coinbase
  • එතනට තමන්ගෙ තොරතුරු දීලා අලුත් ගිණුමක් හදාගන්න.

  • ඊට පස්සෙ තමන් ගිනූම හදන්න යොදාගත්තු ඊමේල් එකට comfirmation ඊමේල් එකක් එයි.

  • ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරලා ගිනූම confirm කරගන්න.

දැන් අපි BitCoin Address  එක හොයාගමු

  • “Accounts” කියන එක ක්ලික් කරන්න.

  • ඒකෙ තියෙන Receive ක්ලික් කරලා Show Address ක්ලික් කරන්න.

  • ඒක ක්ලික් කරාට පස්සෙ මෙන්න මේ වගේ address එකක් එයි ..ඒක කොහෙ හරි save කරලා තියාගන්න.මොකද ඒක නැතුව අපිට ඉස්සරහට තියන වැඩ කරන්න බැහැ.



නොමිලේ Bitcoin හොයමු.


එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.

මුලින්ම site එකේ account එකක් හදමු.

Account එකක් හදන්න මෙතන click කරන්න. 

එහෙනම් මුලින්ම මේ ටික පුරවලා account එකක් හදාගන්න.

ඔහොම Account එකක් හදාගත්තට පස්සේ, Email ඓහෙම Verify කරල Account එකට Log වෙන්න. පස්සෙ යට තියෙන Captcha Verification එක Complete කරලා ROLL කියන Button එක ක්ලික් කරන්න.

දැන් ඔයාට Lucky Number එකක් ලැබෙයි.

ලැබෙන අංකයට අනුව BTC ලැබෙනවා.

දැන් ඔයාට Lucky Number එකක් ලැබෙයි.

ලැබෙන අංකයට අනුව BTC ලැබෙනවා.

අංක 0ත් 9885ත් අතර අංකයක් ලැබුනොත් 0.00000015BTC(බිට්කොයින්) ලැබෙනවා.

ඔය විදිහට ලැබෙන අංකයට බිට්කොයින් ලැබෙනවා. මේ තෑගි වගුව නිතරම වෙනස් වෙනවා.

ඒක නිසා වැඩි වාසියක් ලැබෙන අවස්තාත් තියෙනවා.

ඔහොම එකපාරක් roll කරාට පස්සෙ නැවත roll කරන්න පුලුවන් පැයකට පස්සෙ.

මේ වගේ වෙලාව වැටෙයි. ආයෙත් 0 උන ගමන් Roll කරන්න පුලුවන්. මම නම් කියන්නෙ පුළුවන් හැම පැයකම වගේ ඇවිත් Roll කරල Bitcoins එකතු කරල තියාගන්න කියලයි.

Bitcoin Withdraw කරන විදිහ.

0.00005 BTC උන ගමන් Cashout කරන්න පුලුවන්.

Cashout කරන්න Withdraw ඔබන්න.

එතකොට මේ වගෙ Auto Withdraw Enable කරන්න වැටෙයි. ඕක Enable කරලා තියන්න. එතකොට හැම ඉරිදා දවසකම ඔයා හොයපු මුදල ඉබේම ඔයාගෙ Bitcoin Account එකට එයි.

නැත්තම් Manual Withdraw කියන එක ඔබලා Cashout කරන්න.

මේ මොහොත වනවිට බිට්කොයින් එකක් ඇමරිකන් ඩොලර් 14726.92 වෙනවා.

1 BTC=$14726.92 

ලංකාවෙ මුදලින් බැලුවොත් $1ක් (ඇමරිකන් ඩොලර් 1ක්) Rs: 153.19/=ක් වෙනවා.

එතකොට Bitcoin 1ක් කියන්නෙ ඇමරිකන් ඩොලර් 14726.92 ක්.

එතකොට ලංකාවෙ මුදලින් 

Rs:153.19 X 14726.92 = Rs: 2256016.8748 /=

බිට්කොයින් එකක් කියන්නෙ රුපියල් විසි දෙලක්ෂ පනස් හයදහස් දහසයයි.

ලේසි පහසු මුදලක්ද. ඔයාලා දැන් කල්පනා කරයි මේ Bitcoin සල්ලි ගන්නෙ කොහොමද කියලා. අපේ රටේ අයට Bitcoin සල්ලි අතට ගන්න බැහැ. ඒ කියන්නෙ Buy and Sell දෙන්නෙ නැහැ.

 

හැබැයි ක්‍රම තියෙනවා.

මෙහෙම කරන්න පුලුවන්.

ඔයාගෙ බිට්කොයින් සල්ලි Payza ගිණුමකට Transfer කරලා Payza ගිණුමෙන් Commercial Bank හෝ HNB Credit හෝ Debit Card එකට  Withdrow කරගන්න පුළුවන්.

නැත්තම්  මේ බිට්කොයින් Exchange කරන සයිට් තියෙනවා, ඒවගෙන් අපේ Internet ගිනුමට සල්ලි මාරු කරගන්න පුලුවන්.

Comments